පාසල් අරින්න කලින් විෂබීජ හරණයට පියවර ගැනේ

Picture of අසංක

අසංක

මෙරට පාසල් යලි විවෘත කිරීමට පෙර ඒවා සියල්ල විෂබීජහරණයට ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සදහා පාසලට ආසන්න පළාත් පාලන ආයතනවල සහය ලබාගැනීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත .

පාසල තුළදී සිසුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනුගමනය කළයුතු උපදෙස් අඩංගු ලිපියක් ලබන සදුදා දින පාසල් වෙත තැපැල් කර යවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත .
ඒ අනුව පාසල් ආරම්භ කිරීමේ දිනයට පෙර දිනයේ සෑම පාසලකම විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් දෙමව්පියන් යොදාගෙන ශ‍්‍රමදානයක් පවත්වා විදුහල් පිරිසිදු කළ යුතු බවද අමාත්යංශය සඳහන් කර ඇත..