පැතුම් වික්‍රමරත්න
පාසල්වල ක්‍රීඩා උත්සවය හැර වෙනත් උත්සව පැයකට සීමා කළ යුතු බවට වන චක්‍ර ලේඛයක් කඩිනමින් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.
නව රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව මෙම චක්‍ර ලේඛයක් ගෙනෙන බවද අද පවතී උත්සවයකදී ඒ මහතා ප්‍රකාශ කර ඇත.
21වැනි සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.