පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත මාර්තුවේ 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ලබන මාර්තු  මස ආරම්භයේ සිට  පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට  අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්  කර ඇත .
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ අවශ්‍ය  සාකච්ඡා සිදුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අද පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මෙසේද පැවසීය ,
“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියා . ගුරුවරයා  නිතරම කොරෝනා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. ඒ අනුව මාර්තු මාසයේ ගුරුවන්ට  එන්නත අදියර කිහිපයකින් හෝ ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.