නවතම පුවත්

“ඇමති විමල් සමාව ගත යුතුයි” – පොහොට්ටුවේ මහලේකම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ජනතාවෙන් සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
 පොදුජන පෙරමුණ පක්ෂය විමල් විරවංශ මහතාගේ නොවන බවත් එවැනි ප්‍රකාශ කිරීමට විමල් විරවංශ මහතාට කිසිඳු අයිතියක් නොමැති බව ද මහලේකම්වරයා අවධාරණය කළේය.
“විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතුයි කියලා. මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනෙ මේක එතුමගේ පක්ෂෙත් නෙමෙයි. එතුමට අපේ පක්ෂය සම්බන්ධයෙන් කිසිදු තීන්දු තීරණ ගැනීමේ අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමට අයිතියක් නෑ. ඒ නායකත්වය සම්බන්ධයෙන්, එතුමා කරපු ප්‍රකාශයට එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන පක්ෂයක් හැටියට අපි ඉන්නවා.
මොකද එතුමට කිසිදු අයිතියක් නෑ, අපේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කරන්න.
ඒ වගේම අපි පක්ෂයක් හැටියට ඉතාම කණගාටු වෙනවා අපේ සන්ධානයට එකතු වෙලා ඉන්න අපේ සහෝදර පක්ෂයක නායකයෙක් හැටියට මේ වගේ පල්ලෙහා තත්ත්වයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්. විමල් වීරවංශ මහතා මේ රජයේ සාමූහිකත්ව වගකීම දරණ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට ඉදගෙන මේ වගේ තුන්වැනි පන්තියේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි ඉතාම කණගාටුව ප්‍රකාශ කරනවා. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා.” යනුවෙන් ලේඛම්වරයා එකතු වෙමින් පැවසුවේය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා