නවතම පුවත්

පාසල් දරුවන්ට එන්නත්කරණය සිකුරාදා සිට ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ලබන සිකුරාදා සිට වයස අවුරුදු 12 ට ඉහළ දරුවන්ට ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

රිජ්වේ ආර්යයා ළමා රෝහලින් දරුවන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට මුලින්ම එන්නත් ලබාදෙන බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත මුලින්ම ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්