පාසල් සිසුන්ට, කිරි වෙනුවට කැඳ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීම වෙනුවට දේශීය සහල් වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

දිවයිනේ තෝරාගත් පාසල් 923 ක, එකේ සිට පහ දක්වා ශ්‍රේණිවල සිසුන් ට කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන 2012 වසරේ සිට ක්‍රියාත්මක වන අතර , එම කිරි වීදුරුව වෙනුවට මෙම කැඳවීදුරුව ලබා දෙන්නැයි ඇමතිවරයා යෝජනා කර ඇත .

ඒ සඳහා එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් විසි තුනක මුදලක් වෙන් කිරීමට යෝජනා වී තිබේ .