පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට බස් රථ 20ක් අතිරේකව යෙදවීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත තුළ පාසල් සිසුන් ප්‍රවාහන බස් රථවල ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, වේලාවන් සහ බස්රථවල අංකවල තොරතුරු බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතා මඟහැරලීම පිණිස මෙම පියවර ගෙන ඇති අතර ඉදිරි කාලයේදී පාසල් සිසු ප්‍රවාහන බස් රථ සංඛ්‍යාව වැඩිකිරීම අපේක්ෂාවයි.
එම තොරතුරු පහත දැක්වේ.


