නවතම පුවත්

පාස්කුව ඉලක්ක කර ලොව පුරා සිදුවූ ප්‍රහාර මාලාව: 20 වසරකින් වූ සාහසිකම ප්‍රහාරය ලංකාවේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ඉරිදා දිනයේ දී කිතුණු ජනතාව ඉලක්ක කොටගෙන සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව, ලංකාව ඉලක්ක කොටගෙන සිදුවූ ප්‍රහාරයක් නොව, ගෝලීය ත්‍රස්තවාදයේ එක් කොටසක් බවට ජාත්‍යන්තර ත්‍රස්ත විශේෂඥයින් පෙන්වා දී ඇති අතර මෙරට සිදුකෙරෙන මූලික විමර්ශනවලදී ද පෙනී ගොස් තිබේ.

කිතුණු ජනතාව ඉලක්ක කරගනිමින් පෙර වසරවලදී ද මෙලෙසටම ත්‍රස්ත ප්‍රහාර සිදුවු බවට ඔවුන් සිහිපත් කර ඇත.

එහෙත් මෙතරම් සාහසික ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දශක දෙකකට පසුව බව ද එම වාර්තා අනාවරණය කරයි.

ඊජිප්තුව – 2017 – මියගිය ගණන 45

2017 අප්‍රේල් 09 වැනි දා ටැන්ටා හා ඇලෙක්සැන්ද්‍රා දේවස්ථාන දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළේ පාම් ඉරිදා දිනයකයි. එහිදී 45 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්විය.

ඊජිප්තුව – 2017 – මියගිය ගණන 29

මධ්‍යම මින්යා සිට සැමුවෙල් දේවස්ථානය බලා කිතුණු දරුවන් හා බැතිමතුන් ගෙන ගිය බසයකට ප්‍රහාර එල්ල කරන ලදී.

පාකිස්ථානය – 2016 – 75

75 දෙනකුට මරු කැදවමින් 2016 මාර්තු 27 වැනිදා ලාහෝරයේ ජනප්‍රිය උද්‍යානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණේ කිතුණු බැතිමතුන්ගේ පාස්කු සැමරුම් උත්සවයකදීය.

2016 – කයිරෝ – මියගිය ගණන 29

කයිරෝහි දේවස්ථානයක මධ්‍ය වාර්ෂික මෙහෙයකදී 29 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවිය.

යේමනය – 2016 – මියගිය ගණන 16

මාර්තු 4 වැනිදා කතෝලික විශ්‍රාමික නිවස්නයේදී පැවැති මිෂනාරී ධර්ම දූත හමුවකදී 16 දෙනකු මරුමුවට හෙළමින් බෝම්බ ප්‍රහාරයක් සිදුවිය.

2015 – පාකිස්ථානය – මියගිය ගණන 17

ලාහෝරයේ ඉරිදා දේව මෙයෙකදී දේවස්ථානවලට ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවිය. එහිදී 17 දෙනකු මියගොස් 70 දෙනකු තුවාල ලැබීය.

නයිජීරියාව – 2012 – මියගිය ගණන 41යි

2012 අප්‍රේල් 08 වැනිදා පාස්කු ඉරිදාවක කඩූනා දේවස්ථානයක පාස්කු ඉරිදාවකදී 41 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි