පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව එල්ල වෙමින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත් උපදෙස් දී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 2නෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 2නෙකුට එරෙහිව අපරාධ විමර්ශනය මේ වනවිට සිදුවෙමින් පවතී.
එම නිලධාරීන් අතර එම්.ආර්. ලතීෆ්, නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටින බව ආරංචි මාර්ග පවසයි.