පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් පිරිසක් කැඳවීමට කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද කාරක සභාව හමුවට කැඳවීමට අවධානය යොමුව ඇත.
එම කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 26 වැනිදායි.