පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය ශානිගෙන් – ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකුත්

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම ඔවුන්ගේ අවසාන සාක්ෂිය ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් ලබන සෙනසුරාදා හෝ ඉරිදා යන දින දෙකෙන් එකක දී සාක්ෂි විමසීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ශානි අබේසේකර මහතා මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගත ව ය.

ශානි අබේසේකර මහතාගෙන් අද දිනයේ කොමිසම විසින් සාක්ෂි විමසීමට සැලසුම් කර තිබුණද ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 42 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ලබන සතියේ සාක්ෂි විමසීමට තීරණය වී ඇත.

ඊයේ දිනයේ ඔහු ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට යොමුවී ඒ අනුව අද දිනයේදී ඔහු ජාතික රෝහලේ සිට නැවත බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිතව ඇත.

පාස්කු කොමිසම පොලිස් විමර්ශන ඒකකය විසින් එක්දහස් පන්සියයකට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඉන් පන්සියයකට පන් සියයකට ආසන්න පිරිසකගෙන් කොමසම විසින් සාක්ෂි විමසා ඇත.

ලබන බ්‍රහස්පතින්දා සිට පාස්කු කොමිසම කොමිසමේ සභාපතිවරයා ඔහුගේ උසස්වීම ට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ භාර ගැනීමට නියමිතය.