පැතුම් වික්‍රමරත්න
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩලය නිවේදනය කර ඇත .
එම මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙසය.
දැනටමත් රඳවාගෙන ඇති ඉතිරි සංවේදි ලියකියවිලි 22 නීතිපතිවරයාට ලබාදෙන ලෙස ද කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.
ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, වගකිවයුතු පාර්ශව සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසය.