වසර දෙකක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට ආරක්ෂක අංශ තවමත් සමත් වී නොමැති පසුබිමක, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව බරපතල සැකයක් මතුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කර සිටී .
රටේ ආරක්ෂාව භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් ගැඹුරින් පරීක්ෂණ සිදු කළේද යන්න සැකසහිත බවද අගරදගුරුතුමන් .අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ
යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.’