නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට දෙවසර සපිරෙන හෙට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 * සියලුම කතෝලික පාසල් නිවාඩු
 * විනාඩි 2ක නිහඬතාවක්
 * දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවයින පුරා පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 21 දින ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට දෙවසරක් සපිරෙන 21 වැනිදා දින මෙලෙස නිවාඩුව ලබාදී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් හෙට (21) උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2019 වසරේ අප්‍රේල් 21 වන දින කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ උදෑසන 8.45ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වු අතර, එය සිහිකිරීම වෙනුවෙන් එලෙස නිහඬතාවයක් පවත්වන බව කාදිනල් හිමි වැඩිදුරටත් පැවසීය.
මේ අතර දිවයින පුරා සියලුම දේවස්ථානවල හෙට (21) ආරක්ෂාව තර කරන ලෙස පොලිස්‌ මූලස්ථානය සියලුම පොලිස්‌ ස්ථාන‌ වෙත දැනුම් දෙයි.
ඒ, මීට වසර දෙකකට පෙර මේ මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්‌ මියගිය සහ තුවාල ලැබූවන්‌ සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන්‌ සහ ආගමික වැඩසටහන්‌ සංවිධාන කර තිබීම
හේතුවෙනි.
මේ අතර කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයක්‌ හේතුවෙන්‌ අද (20) පස්වරු හතරේ සිට හෙට(21) දහවල්‌ 12 දක්වා දේවස්ථානය
අසළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබේ.
කොළඹ – _කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත‌
විශේෂ දේව මෙහෙයට අදාළව රථ වාහන සැලැස්ම අද (20) පස්වරු 04.00 සිට හෙට (21) වන දින මධ්‍යහන 12.00 දක්වා ක්‍රියාත්මක ය.
ඉහත කාල සීමාව තුළ විශාල ජනකායක්‌ දේවස්ථානය වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින්‌ ඒ සඳාහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් මෙම ‌ විශේෂ රථවාහන සැලැස්ම‌ ක්‍රියාත්මක කර ඇත.
ස්ථානය ඉදිරිපිට පහත මාර්ගයන්‌වල රථවාහන ගමනා ගමනය සීමා කෙරේ
ශාන්ත අන්තෝනි මාවත
ජින්තුපිටිය වට රවුම සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම.
රාමනාදන් මාවත
හෙට්ටියාවත්ත හන්දිය සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම
ක්‍රිස්ටි පෙරේරා මාවත
ජම්පටාවීදිය පොලිස්‌ ස්ථානය අසල සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලු වීම
භා පිටවීම.
ඉහත මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්‌ භා මහජනතාව සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.
හෙට්ටියා වත්ත හන්දිය දෙස සිට පිටකොටුව දක්වා ගමන් කරන රථවාහන-
ජෝර්ජ්‌ ආර්‌ ද සිල්වා මාවත, ක්‍රිස්ටි පෙරේරා මාවත, සංඝමිත්තා මාවත, මහා විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුව දෙසට ගමන්‌ කල හැක.
පිටකොටුව සිට හෙට්ටියාවත්ත දෙසට ගමන් කරන රථවාහන-
‌රෙක්ලමේෂන් පාර, චයිනා වීදිය, ගෑස්‌ පහ වටරවුම, ආදරුප්පුවීදිය, මහා විද්‍යාල මාවත, ආමර්‌ බාබර්‌ විදුලි සංඥා හන්දිය, ජෝර්ජ්‌ ආර්‌ ද සිල්වා මාවත ඔස්සේ හෙට්ටියාවත්ත දෙසට ගමන්‌ කල හැක.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්