පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 4ක් ඉන්දියාවේදි අල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරුදින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්භන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය අපරාධ විමර්ශන කාර්යාංශය එරට ජාතික විමර්ශන නියෝජිතායතනය සමග එක්ව පසුගිය දින තුන පුරා තමිල්නාඩුව තුල දියත් කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව් දෙනා අතරින් එක් අයෙකු ශ්‍රී ලාංකිකයකු වන බවත් ඔහු ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කරමින් තමිල්නාඩුවේ රැදී සිට ඇති බවත් ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

මෙරට ප්‍රහාරයට සම්භන්ධ තවත් පුද්ගලයින් තමිල්නාඩුවේ රැදී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව තවදුරටත් ලබන සතිය තුලද සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට එරට අපරාධ විමර්ශන කාර්යාංශය සැලසුම් කර ඇත.