නවතම පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසු බෝම්බකරුවන්ගේ වීඩියෝව මුදාහළ පුද්ගලයා අත්අඩංගුවට

අසංක

අසංක

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පැය ගණනකට පසුව අන්තවාදී ත්‍රස්තවාදී සහරාන් හෂීම් සහ සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසිනි.

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් ඊයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට තිබෙනවා. පසුව අප විසින් කරන ලද දැනුම්දීමක් අනුව නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබුණා. “ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසිනි.

ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් ය.

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇත

අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්