පාස්කු ප්‍රහාරයේ  අවසන් වාර්තාව  පාර්ලිමේන්තුවට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත .
ඒ අනුව එම අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාධ්‍ය වෙත පැවසීය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්‍ෂ කිහිපයක් මීට පෙර ඉල්ලා තිබිණ .