පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන වතිකානුව අවධානයෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් කෙරෙන  පරීක්‍ෂණ පිළිබඳ වතිකානුව දැඩි  අවධානයෙන් පසුවන බව  සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අනාවරණය කරන ලද තොරතුරු වහාම රටට හෙළි කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් සිදුනොවී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

මෙමඟින් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට බලකිරිමක් සිදුවන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,මෙසේද පැවසීය

“අපිට තවමත් පේන්නේ නෑ මේ පිළිබඳ නියම සත්‍යය හෙළිදරව් වෙනවා කියලා. ඒ නිසා අපිට ජාත්‍යන්තරය කරා යෑමට එක්තරා විදියක බලකිරීමක් ඇතිවෙලා තිබෙනවා මේ තත්ත්වය නිසා. අපි විශ්වාස කරනවා ශුද්ධෝත්තම පියතුමාත් වතිකානයේ තියෙන යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවත් ඒ අය මේ ගැන විමසිල්ලෙන් සිටින බව. අපි විශ්වාස කරනවා වතිකානයේ නිල වෙබ් අඩවිය මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තවමත් රජයෙන් මේ විමර්ශන, නඩු කටයුතු ඒ වගේම තවදුරටත් විමර්ශනය කරන්න තියෙන දේවල් වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙළිදරව් කළ කුමන්ත්‍රණය කුමක් දැයි කියලා හෙළිදරව් කිරීම ඉතාම අවශ්‍යයි.”