පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දීමට වත්මන් රජය නිසි පියවර නොගතහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අවධාරණය කර සිටී.
කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද අගරදගුරුතුමන් පැවසීය .
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද (3) අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේ දී අදහස් දක්වමින් කාදිනල්තුමන් මේ බව පැවසූහ.
පාස්කු ප්‍රහාරයයේ ඇත්ත තත්ත්වය එළියට එන තුරු කතෝලික ජනතාව බලා සිටින බවත්,දේශපාලන වාසි ලබාගැනීමට හෝ ඩීල් සංස්කෘතියක් වෙනුවෙන් මේ සිද්ධියත් කාපට් එක යට සැඟවීමක් වගකිව යුතු රජයකින් බලාපොරොත්තු නොවන බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන ප්‍රකාශ කළහ.