නවතම පුවත්

ලංකාවේ වසරකට බිලියනයක සැෂේ පැකට් ඔලුවෙ ගාන බව හෙළිවෙයි

අසංක

අසංක

මෙරට තුළ වසරකට රුපියල් මිලියන 960ක ෂැම්පු, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් සැෂේ පැකට් භාවිතා කරන බව හෙළිදරව් වී තිබේ.

ඒ පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවක දී ය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත පුද්ගලයින්ගෙන් ඔවුන් මුහුණපාන ගැටළු සම්බන්ධවත්, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා දැනට භාවිතා කරන පරිසරයට අතිශය අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන හා ක්‍රියාමාර්ග සම්බන්ධවත් සාකච්ඡා පැවැත්විනි.

එහිදී පැහැදිලි වූ කරුණක් වුයේ දැනට අප රටේ රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල අඩංගු ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි අලෙවි වන බවයි.

ඒ අනුව අපේ රටේ දිනකට රුපියල් ලක්ෂ 26ක එම ද්‍රව්‍ය අලෙවි කෙරේ.

මෙම භාවිතා කරන ලද හිස් සැෂේ පැකට් සියල්ලම පරිසරයට මුදා හැරෙන අතර එමනිසා ජලමුලාශ්‍ර, ගංගා ඇලදොළ මෙන්ම වැව් පොකුණු මෙන්ම දිය ඇලි ද බරපතල පරිසර තර්ජනයකට ලක් ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

අප රටේ එක්තරා සමාගමක් විසින් මේ වනවිට ෂැම්පු, හෙයාර් ඩයි මෙන්ම හෙයාර් ජෙල් ඇසුරුම් කිරීම සඳහා එම පැකට් බිලියන 05ක් ගෙන්වා ඇතැයි එම සමාගම විසින් තමන්ට දන්වන ලද බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වුවද, 2021 ජනවාරි 01 දින සිට මෙම සැෂේ පැකට් භාවිතය මෙරට තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී වෛද්‍ය හා ආහාර සැකසුම් තහනම් නොකෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර තමන්ට සහන කාලයක් ලබා දෙන ලෙස ඇතැම් සමාගම් විසින් ඉල්ලා ඇති අතර මෙම තීරණය ගනු ලැබුයේ එම සමාගම් අකර්මණ්‍ය කිරීමේ අරමුණින් නොවන නමුත් අදාල සමාගම් විසින් විශාල ළාබයක් මෙමගින් උපයන නිසා රටේ පරිසර සුරක්ෂිතතාවය උදෙසා ද අවධානය යොමු කළ යුතු යැයි අමාත්‍යවරයා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්