නවතම පුවත්

‘පාස්කු ප්‍රහාරය කළේ ISIS නෙවෙයි’- මනෝ ගනේෂන්

අසංක

අසංක

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ විදේශීය ත්‍රස්ත කල්ලියක් නොව , ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් දේශීය ත්‍රස්තවාදීන් කණ්ඩායමක් බව දැනට සිදුකෙරෙන පරීක්ෂණවලින් අනාරවණය වෙමින් ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ISIS සංවිධානය විසින් නොවන බවද දැනට කෙරෙන පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අද (25)සඳහන් කළේය

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ශ්‍රී ලාංකික ත්‍රස්තවාදී කණ්ඩායම පසුව ISIS සංවිධානය සමඟ සම්බන්ධතා ඇති කරගෙන ඇති බවත් ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් ගනේෂන් මහතා මෙහිදී සඳහන් කළේය .

සවුදි අරාබියේ සිටියදී අත් අඩංගුවට පත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇති බවත් ගනේෂන් මහතා සඳහන් කළේය .

මෙම ප්‍රහාරය ISIS සංවිධානය විසින් සිදුකල ප්‍රහාරයක් නොවන බවට රවුෆ් හකීම් අමාත්‍යවරයාද පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි