පාස්කු ප්‍රහාරය ගැන අද ජනපති සාක්ෂි දෙයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය .

ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට නියමිතව ඇත

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ කාරක සභා වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය .