පාස්කු ප්‍රහාරය ගැන කඩිනමින් යුක්තිය ඉටුනොවුණොත් අගරදගුරු හිමි ජාත්‍යන්තර අධිකරණයට

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් මෙන්ම ඒ පිටුපස සිටින සැකකරුවන් පිළිබඳ කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එහිදී යුක්තිය ඉටු නොවුණොත් ජාත්‍යන්තර අධිකරණය යාමට සූදානම් බවත් නොඑසේ නම් ජාත්‍යන්තර සංවිධානවල සහය ගන්නා බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කීහ.

එහිදී පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් ඔබ වහන්සේ කැමති ද ජාත්‍යන්තර අධිකරණයකට ගිහින් යුක්තිය ඉල්ලන්න ? යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

“ සුදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයින් එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අය යහපත් ප්‍රතිචාරයක් ලබාදෙයි කියලා මේ නඩුවෙන් හා වාර්තා තුළින්. වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුනහොත් අපි ජාත්‍යන්තර සංවිධාන තියෙනවා පිටරටවල ඒ සංවිධානවල සහයෝගය අපි බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා”