‘පාස්කු ප්‍රහාරය ගැන කිසි තොරතුරක් මට ලැබුණෙ නෑ’ – ආරක්ෂක රාජ්‍ය ඇමති

Picture of අසංක

අසංක

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමා වෙත නොලැබුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ බව අවධාරණය කළේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අද පස්වරුවේ සාක්ෂි දෙමිනි.

කන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි දෙකක් අතර ගැටුමක් ඇති බවට පමණක් 2017 ආක්ෂක කමිටු රැස්වීමේ සකච්ඡා වූ බව හෙතෙම එහිදී කියාසිටියේය.

නමුත් මෙවැනි ත්‍රස්ත්‍ර ක්‍රියාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා නොවුණ බවත් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

2017 වසරේදී නිතීය හා සාමය විෂය, ආරක්ෂක අමාත්‍යාංශ යටතේ නොතිබූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

ඒ සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අමාත්‍යවරුන් ය.