නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන තමා කී දේට සජබ මන්ත්‍රී අශෝක් දුක්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය පදනම් විරහිත බවත් එම ප්‍රකාශය පිළිබඳ කනගාටුවට පත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (11) පැය 5ක කාලයක් මන්ත්‍රීවරයාගෙන් එම ප්‍රකාශයට පදනම් වූ කරුණු සහ එම තොරතුරු ලද ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමසූ බවයි.
එහිදී එම ගැටලු දෙකටම පිළිතුරු දිමට මන්ත්‍රීවරයාට නොහැකි වූ බවත් ඔහු සිය කනගාටුව පළකළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
පාස්කු ප්‍රහාරය කිසියම් පුද්ගලයන්  දෙදෙනෙකු විසින් සිදුකළ බවත් ඊට මුදල් සැපයුවේ නිශ්ශංක සේනාධිපති බවත් අශෝක් අබේසිංහ මහතා පවසා තිබුණි.
මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකු සහ නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය පැවැත්විණ.
කෙසේවෙතත් මීට පෙර අවස්ථා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසීටීම මගහැරි අශෝක් අබේසිංහ මහතා ඊයේ (11) පැමිණ තිබුණි.
මෙම විමර්ශනයේ ඉදිරි කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්