පාස්කු ප්‍රහාරය ගැන බදුයුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම් දීමකට අනුව අද උදෑසන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් කිහිප දෙනෙක්ම නවාතැන් ගෙන සිටියේ බදුයුදීන් ඇමතිවරයාගේ ඥාති සහෝදරියකට අයත් එඩේරමුල්ලේ පිහිටි නිවසකය.