පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම යළි ලබන 17 වැනි දා ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ වනවිට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් කොමිසම ප්රකාශ සටහන් කර ගෙන ඇති බවද එහි ප්රකාශකයකු අප වෙබ් අඩවියට පැවසීය .
මෙම ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය 19 වැනි දා භාර දුන්නේ ය.