පාස්කු ප්‍රහාරය සිදුවීමට යද්දී රාජකාරි පැහැරහැරි පොලිස් නිලධාරීන් 15කට  අද වන තුරු කිසිදු පියවරක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගෙන රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු එරෙහිව විනය පියවර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම යන්නට පෙර පොලිස් පොලිස්පතිවරයාට නියෝග කළත් අද වන තුරුත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් ගැනීමට පොලිසිය කටයුතු කර නැතැයි ජාතික පොලිස් කොමිසමේ හිටපු සාමාජිකයෙකු ‘ද කලම්බෝ එක්ස්ප්‍රස් ‘ වෙත හෙළිකරයි.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු, පොලිස් අධිකාරී සේවයේ නිලධාරීන් 6 දෙනකු ඇතුළු පිරිසක් ඒ අතර වේ.

 

ජාතික පොලිස් කොමිසමේ පසුගිය සභා වාර්තා පරීක්ෂා කළහොත් මේ පිළිබඳ පැහැදිලිව තොරතුරු හෙළි කර ගත හැකි වන බව ඔහු සදහන් කළේය.

 

මෙම නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දුන්නත් එම ස්ථාන මාරු අවලංගු කිරීමට එවකට සිටි ඉහළ පෙළේ දේශපාලකයෙකු කොමිසමට දැඩි බලපෑමක් සහ පීඩනයක් එල්ල කළ බව ඔහු සඳහන් කළේය.

 

එය නොව එලෙස ලබා දුන් ස්ථානමාරු පවා පැය විසිහතරක් යාමට පෙර අවලංගු කිරීමට සිදුවූ බව හිතෙන හෙතෙම කියා සිටියේය.

 

එම බලපෑම කෙතරම් ද යත් එලෙස ස්ථාන මාරු ලබා දුන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් පවා ලබා දීමට සිදු වූ බව ද බවද හෙතෙම අවධාරණය කළේය.