නවතම පුවත්

පාස්කු ප්‍රහාර වූ සමයේ  මෙරටට ගෙන්වූ කඩුකිනිසි  වහාම පොලිස් භාරයට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාල වකවානුවට අදාළව සහ පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ භාරයට ගන්නා ලෙසත් ඒ පිළිබද වාර්තාව ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන ලෙසත් පොලිස්පතිවරයාට ඊයේ (10) නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

 

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළව නීතිපතිවරයා එම උපදෙස් දී තිබුණි.

 

විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එවැනි ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

 

එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්