නවතම පුවත්

“පාස්කු විමර්ශන කාපට් යටට දාන්න එපා”  – අගරදගුරු හිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා.“ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.අගරදගුරු නිල නිවසේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියෝ එම ඉල්ලීම කළහ.

“නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.” යනුවෙන්ද කාදිනල් හිමියෝ එහිදී අවධාරණයෙන් සදහන් කළහ.

“ අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි හැම දේශපාලන පක්ෂවලට දැන්වූවා. අපේ හිතේ තියෙන දුග්ගැනවිලි ඉදිරිපත් කලා. අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ.“ යැයිද කාදිනල් හිමියෝ සදහන් කළහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තත්ත්වයන් විහ්‍රහ කිරීමකින් පසු ඒ ගැන අදහස් ඇතුලත් ලියැවිල්ලක් සකස්කර ඇති බවත් ඊයේ (13) එය ජනාධිපතිවරයා වෙත යොමුකරන බවත් මෙම මාධ්‍ය හමුවේදී කාදිනල් හිමියෝ සදහන් කළහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්