මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවධානයෙන් හා සුපරික්ෂාකාරී සිටින ලෙස එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය , සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට , නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි ඇත.
එමෙන්ම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට මෙහිදී දැනුම් දි ඇත.
ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මෙම නිවේදනය මගින් දැනුම් දී ඇත.