IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී යුධ හමුදා නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබේ.
ඔහු සොයා හමුදා කණ්ඩායම් කිහිපයක්ම දැඩි සෝදිසි මෙහෙයුමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අල්ලාගෙන යලි IDH රෝහල්ගත කර ඇත.
ඔහු ආ ගිය තැන් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබාගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටි.
මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් යන මෙම පුද්ගලයා ත්‍රිකුණාමල චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.