පැය 12ට වරෙන්තුකරුවන් 500ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

 

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104ක නිලධාරීන් විසින් අද  සිදුකල විශේෂ වරෙන්තු මෙහෙයුමේදී විවිධ වැරදි සදහා අවශ්‍යව අධිකරණය හා පොලිසිය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද දින උදෑසන 06 සිට සවස 06 දක්වා මෙම මෙහෙයුම සිදු කර ඇත.

 

වරෙන්තුකරුවන් අතර විවෘත වරෙන්තුකරුවන් 286 සහ දින වරෙන්තුකරුවන් 229 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හෙට දින අදාල අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.