පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබාගත හැකිය.

එහිදී දෙනු ලබන්නේ ෆයිසර් එන්නත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

එම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ පැය 24 පුරා ක්‍රියාත්මක වෙයි.