නවතම පුවත්

පැරාලිම්පික්හිදී ශ්‍රී ලංකාව බැබළවූ දිනේෂ්ගෙන් ලෝක වාර්තාවක් සමිතගෙන් ලෝකඩ පදක්කමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඊයේ (30) ශ්‍රී ලංකාවට ජයග්‍රාහී දිනයක් උදාකරමින් හෙල්ල විසිකිරීමේ තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් පිහිටුවූ අතර එම තර‍ගයේම තවත් ඛාණ්ඩයකින් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

එෆ් 46 ඛාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර් 67.79 ක් දක්වා දුරකට හෙල්ලය එල්ල කරමිනි.

ලෝක වාර්තාවක් සමඟ රන්පදක්කමක් දිනා ගෙන රටට කීර්තියක් ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන අතර ඔහු ආබාධ තත්ත්වයට පත්ව ඇත්තේ ද යුද ගැටුම් අතරතුර වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි. ඔහු මෙම ජයග්‍රහණය උදෙසා ඊයේ දිනයේම බලලත් නිලධාරී 01 තනතුරට උසස් කෙරිණ.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම උසස්වීම කර ඇත.

ඊයේ දිනය තුළ දිනාගත් දෙවන පදක්කම වන එෆ් 64 පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයේදී සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

ඊයේ දිනය සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳෙන දිනයක් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කරමින් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්