‘පැරිස් සමාජයෙන්’ කොළ එළියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ජපානයේ මූලිකත්වයෙන් පෙරේදා (13) ණය ප්‍රති ව්‍යුහගත කිරීම සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරමින් ණය හිමියන් සඳහා කමිටුවක් හඳුන්වා දෙන ලදි.

ලබාගත් මෙම ආරම්භය එලෙසම පවත්වා ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු දෙනාම එක හා සමානව බරක් දරමින් විනිවිදභාවයෙන් යුතුව සංසන්දනීයව සැලකීමේ පදනම සහතික කිරීම සඳහා අදාළ සියළුම පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජය පවසා තිබේ.