නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ණය ගැන ජපාන, ප්‍රංශ, ඉන්දියා ස්ථාවරය මෙන්න!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ණය හිමියන් සහ පාර්ශවකරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4.00ට පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ප්‍රංශය සහ ඉන්දියාව සමග එක්ව මේ වැදගත් හමුව සංවිධාන කිරීම පිළිබඳව ජපාන රජයට මාගේ ස්තූතිය පළ කරන්න කැමතියි. එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ කඩිනම් ප්‍රගතියක් ලබාගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් දියත් කරන ඒකාබද්ධ ප්‍රයන්තයේ සමාරම්භය ද සලකුණු කරනවා. මෙම ප්‍රයත්නයන්ට සහායවීම සම්බන්ධයෙන් පුද්ගලික ණය හිමියන්ට ද ස්තූති කිරීමට මම කැමතියි. සියලුම ණයහිමියන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට විනිවිදභාවයක් සහිතව සන්සන්දනීය සැලකීමක් පදනම් කරගනිමින් අඛණ්ඩව කටයුතු කිරීම සඳහා අප රජය කැපවී සිටිනවා. අපේ ජනතාවගේ සමාජ ආර්ථික සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා හොඳ පදනමක් එමඟින් සකස්කළ හැකිවනවා.”

එහිදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි,

“ණය ප්‍රතිව්‍යූහගතකරණයේ සාකච්ඡා ආරම්භ කරන ලෙස අප උපදෙස් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකාව සිය බාහිර වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ජපානය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වන අතර අදාළ සියලු පාර්ශ්වයන් සමග ඒ සඳහා කඩිනමින් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරනවා.”

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන්,

“ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් ඇති කිරීම සඳහා ණය සහනයක් ලබාගැනීම වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සියලු ණය හිමියන් අතර සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තීරණාත්මක වනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡාවලදී විනිවිදභාවයක් සහ සමානාත්මතාවයක් පවත්වාගැනීම සඳහා එවැනි සමීප සහයෝගීතාවයක් අවශ්‍ය බව අප විශ්වාස කරනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලංකාවට කඩිනම් ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා සහාය වීමට ඉන්දියාව සූදානම්.”

මෙහිදී අදහස් දැක්වූ ප්‍රංශ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් එමානුඑල් මූලන්,

“ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ යුතුයි. දැන් ඒ පසුබිම යටතේ ණය හිමියන් සම්බන්ධීකරණයකින් යුක්තව ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා ආරම්භ කරනු ලබනවා. මෙය අනෙකුත් ණය හිමියන්ට ද විවෘත වන අතර කෙසේ නමුත් සන්සන්දනාත්මක සැලකුමක් සහතික කරලීම සඳහා ඔවුන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමටත්, කඩිනමින් එකඟතාවකට පැමිණීමටත් අප අපේක්ෂා කරනවා”

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා,

“මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අඛණ්ඩව පවත්වාගැනීම සඳහා ණය තිරසරභාවය පූර්ව අවශ්‍යතාවක්. මෙහිදී ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ව සම්බන්ධීකරණයෙන් යුක්ත වේදිකාවක් ඒ සඳහා සකස් කිරීම දිරිගන්වනසුළු කරුණක්. මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරලීම සඳහා ඊට සියලු ද්විපාර්ශ්වික ණය හිමියන් ඊට සහභාගී වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.” 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි