පිළියන්දල සුවාරපොල මාර්ගයේ තිබී පෑනක් හැඩැති කුඩා ගිනි අවියක් සොයාගෙන තිබේ.
ඒ ගිනි අවිය මාර්ගය අයිනේ තිබෙනු දුටු පුද්ගලයෙක් ඒ බව පිළියන්දල පොලිස් ස්ථානයට ලබාදුන් තොරතුරකට අනුවයි.
පිළියන්දල පොලීසිය විසින් ඊයේ (15) අවිය සවස 5.30 ට පමණ සොයා ගෙන තිබුණි.
එම අවිය සෙන්ටි මීටර් 14 ක් පමණ දිග මිලි මීටර් 9 වර්ගයේ පතොරම් යොදන එකකි.
මේ අතර මිරිහානේ ජසම්බුගස්මුල්ලේ මස්කඩයක් අසල තිබී මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 13 ක් හමුවූ බවද පොලීසිය සදහන් කරයි.
මේ දිනවල සංවිධානාත්මක අපරාධකරුවන් සොයා පොලිස් මෙහෙයුම් දියත් කෙරේ.
එබැවින් සැකකරුවන් මෙසේ ගිනි අවි සහ පතොරම් මහා මාර්ගවල දමා යන බව පොලීසිය විශ්වාස කරයි.