පිටරට නාහිමිවරුන්ගෙන් කොරෝනා අරමුදලට දායකත්වය

Picture of ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

කෝව්ට් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ සංවර්ධන අරමුදල සදහා රටවල් ගණනාවක සංඝනායක හිමිවරුන් හා විහාරාධිපති හිමිවරුන් ආධාර ලබාදි ඇත.

ඒ අනුව සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ රුපියල් මිලියන පහක්,උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමියෝ රුපියල් මිලියන පහක් එම අරමුදලට පරිත්‍යාග කර ඇත.

.ඊට අමතරව ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි පුණ්‍යාධාර භාරය විසින් රුපියල් මිලියනක්, ස්විට්සර්ලන්තයේ ජිනිවා බෞද්ධ විහාරාධිපති ,ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි හා එම විහාරාධිකාරි හල්විටිගල සුජාත හිමි ඇතුළු දායක පිරිස හා විහාරස්ථ කුළඟන සමිතිය රුපියල් මිලියනකයක් ,ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඹදෙනියේ නන්දසිරි මාහිමියෝ රුපියල් ලක්ෂ 2ක් වශයෙන් අරමුදලටපරිත්‍යාග කෙරිණ.

ඊට අමතරව ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියෝ රුපියල් මිලියනක මුදලක්ද කොරෝනා අරමුදලට පරිත්‍යාග කෙරිණ.මෙම සියළු ආධාර වලට අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නාහිමිවරුන් විසින් බාරදි ඇත.