හෝමාගම පිටිපන ප්රදේශයේ ව්යාපාරික ස්ථානයකින් හමු වූ ගිනි අවිවලට අදාල විමර්ශනවලදී ගිනි අවි තිහක් පමණ සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම විමර්ශනයට අදාළව මේවන විට සැකකරුවන් 25ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඉන් නව දෙනෙක්ම ආරක්ෂක අංශ නිලධාරින් බවයි.
මෙම විමර්ශනයට අදාළව තවත් පවතින බව කියන ගිනිඅවි 60ක් සොයා තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.