පිල්ලෙයාන් නිදොස් , නිදහස් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනා නිදොස්කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය තීරණය කර තිබේ.

පිල්ලෙයාන් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපතිවරයා විසින් පසුගිය සතියේදී අධිකරණයට දැනුම් දී තිබුණු අතර ඒ අනුව අධිකරණය විසින් මෙම තීන්දුව අද (13) දිනයේදී ප්‍රකාශයට පත් කරන ලදී.