පිළිකාකාරක අඩංගු පරිප්පු තොගයක්ද සොයා ගැනේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව ඇත .

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය.

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.