නවතම පුවත්

කොවිඩ් එන්නත් මාත්‍රා දෙක සඳහා, වර්ග දෙකක එන්නත් භාවිතා කළ හැකිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් එන්නතේ පළමු හා දෙවන මාත්‍රා සඳහා එකිනෙකට වෙනස් වර්ග වල කොවිඩ් එන්නත් ලබාදිය හැකිදැයි සොයා බැලීමටට  බ්‍රිතාන්‍ය විශේෂඥවරු පිරිසක් මේවනවිට  සුවිශේෂී  පර්යේෂණයක් ආරම්භ කර ඇත .

මෙසේ පළමු එන්නත් මාත්‍රාවට ලබාදෙන එන්නත් වර්ගයට වෙනස් වූ වර්ගයක් දෙවන මාත්‍රාව ලෙස ලබාදීම හරහා වඩා වැඩි  ප්‍රතිශක්තියක් ඇතිවිය  හැකි බවට   බ්‍රිතාන්‍ය විශේෂඥ කණ්ඩායමේ මේ වනවිට අනුමාන කර ඇත  .

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීම සඳහා තවදුරටත් පර්යේෂණකල යුතු බවද එම විශේෂඥයින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

එරට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසකගේ දායකත්වය සහිතව ක්‍රියාත්මක වන මෙම පර්යේෂණය , කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියේ සුවිශාල වෙනස්කමක් සිදුකිරීමට සමත් ආන්දෝලනාත්මක පර්යේෂණයක් වනු ඇති බවට  ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකර ඇත .File picture of someone having vaccine

මෙම පර්යේෂණය සාර්ථක වුවහොත් ලොව පුරා  කොවිඩ් එන්නත් බෙදාහැරීමේදී  මතුවී ඇති ප්‍රමාදයන් හා ගැටලුවලටද ඉන් විසදුමක් ලැබෙනු ඇති බව බ්‍රිතාන්‍ය විශේෂඥ කණ්ඩායම සඳහන් කර ඇත .

ඒ අනුව උදාහරණයක් ලෙස ,  පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රසේනිකා එන්නත ලබාගත් අයෙකුට තම දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් හෝ ෆයිසර් වැනි වෙනත්  වර්ගයක කොවිඩ් එන්නතක් ලබාගැනීමට හැකිවනු  ඇත .

මෙම පරීක්ෂණය සඳහා දැනට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ  බ්‍රිතාන්‍යය වැසියන් 800 දෙනෙකු යොදාගෙන ඇති අතර ඔවුන්ට පළමුව අස්ට්‍රසේනිකා එන්නත ලබාදී , දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවත් පර්යේෂණය මෙහෙයවන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැතිව් ස්නේප් මහතා සඳහන් කර ඇත .

මෙහි ප්‍රතිඵල ඉතා සුවිශේෂී හා වැදගත් වනු ඇති බවත් මේ හරහා එන්නත්කරණ වැඩපිළිවෙලේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවනු නොඅනුමාන බවත් ඔහු පවසා ඇත .

, එන්නත් එක් වර්ගයක් භාවිතා කිරීමට සමානවූ  ප්‍රතිඵලයක්  එන්නත් වර්ග දෙකක් භාවිතා කිරීම හරහාද ලැබෙන්නේනම්   එයද  සතුටුදායක ප්‍රතිඵලයක්  වනු ඇති බව මහාචාර්යවරයා සඳහන් කර ඇත, එහිදී එන්නත් බෙදාහැරීමේ හා එන්නත් නිෂ්පාදනයේ සීමාවන්, ප්‍රමාදයන්ට විසදුමක් ලැබෙන බවත් ඔහු පවසා ඇත .

” මේ හරහා කුඩා රටවල්වලට විශේෂ වාසියක් ලැබෙනව , එක එන්නත් වර්ගයකින් මාත්‍රා  ප්‍රමාණවත් පරිදි  නොලැබුන හොත් වෙනත් එන්නත් වර්ගයක් හෝ ලබාගෙන එන්නත්කරන වැඩසටහන සම්පූර්ණ කිරීමට අවස්තාව ලැබෙනවා . ” යයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

නමුත් මෙසේ  එන්නත් වර්ග මිශ්‍ර කොට ලබාදීම හරහා , වඩා වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවටද තහවුරු වුවහොත් එය සුවිශේෂී ජයග්‍රහණයක් වන බවද මහාචාර්යවරයා සඳහන් කර ඇත .

දැනට කර ඇති පර්යේෂණ හරහා පෙන්නුම් කර ඇත්තේද එසේ එන්නත් මිශ්‍ර කොට ලබාදීමෙන් ,වැඩි කාලයක් පවතින වැඩි ප්‍රතිශක්තියක් මේ හරහා ලැබෙන බවයැයි ද ඔහු සඳහන් කර සිටී .

“කෙසේ වෙතත් මෙම පර්යේෂණ තවම අවසන් නැහැ , ඒ ගැන තහවුරු කර කීමට තව මාස කිහිපයක් වත් ගතවේවි”  යැයී ද ඔහු මාධ්‍ය වෙත මෙහිදී  සඳහන් කර ඇත

මෙම පර්යේෂණය හරහා දැනට සතුටුදායක ප්‍රතිඵල ලැබෙමින් ඇති බද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශද  සඳහන් කර ඇත . ඒ අනුව එරට එන්නත්කරන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශයන් වලද සුළු වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත ,

විශේෂ අවශ්‍යතාවන් මත  කොවිඩ් එන්නත් වර්ග දෙකක්, මෙසේ මාත්‍රා දෙක සඳහා, භාවිතා කල හැකි බව එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත .

සාමාන්‍ය එන්නත්කරන වැඩපිළිවෙලේ මෙතෙක්  වෙනස්කමක් සිදුකර නොමැති නමුත් ඉදිරියේදී මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මත  එන්නත්කරන මාර්ගෝපදේශ වෙනස්වීම් වලට ලක්කිරීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය එන්නත්කරන අමාත්‍ය නදීම් සහාවී  මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත  .

විශේෂයෙන්ම ඉබෝලා , හෙපටයිටිස් , පෝලියෝ රුබෙල්ල වැනි එන්නත් ලබාදීමේදීද මෙසේ එන්නත්වර්ග මිශ්‍ර කිරීමක් සිදුකර ඇති අතර ඒවායින් සාර්ථක ඵල ලැබී ඇති බවද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත .

 

(පැතුම් වික්‍රමරත්න )

BBC වෙබ් අඩවිය ඇසුරෙන්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්