නවතම පුවත්

පිළිකාකාරක පොල්තෙල් බෝම්බය  රේගුවෙන් ප්‍රමිති ආයතනයට  පාස් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
වෙළෙඳපොළේ අලෙවි කරන අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මේ දිනවල ආන්දෝලනයකට තුඩු දී ඇති පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට මුදාහැර ඇති බවට වාර්තා පළවීමත් සමඟ ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ කතාබහට ලක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  පිළිකා කාරක ඇතැයි තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය යටතේ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ප්‍රමිති ආයතනය හා ආහාර ආරක්ෂණ ඒකකය බවත් එම ආයතයන ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීම නිසා එය නිදහස් කළ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.
සමාගම් හතරකින් ආනයනය කළ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇත. මේ බව අනාවරණ වුණේ පෙරේදා  (23) දිනයේදීය.
ඒ පිළිබඳ කරුණු දැක්වූ රේගු අධ්‍යක්ෂවරයා,
“සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කරලා තියෙනවා පසුගිය දිනවල. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාඩ්වල තියා ගන්නේ නෑ. මොකද නියාමන අධිකාරීය දවස් ගානක් ගන්නවා මේවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමට. සාමාන්‍ය ක්‍රමය වන්නේ, ආනයනය කරන ලද පොල්තෙල් ඔවුන්ගේ යාඩ් සඳහා නිකුත් කරනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට කරුණු ඉදිරිපත් කළා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස.”
 එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බව  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවධාරණය කළේය.
පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්