නවතම පුවත්

පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ් අවදානම ඉහළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ දිනයේ දීද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තාවී ඇත .

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන්  ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 78 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තාවී ඇත .

මේ වනවිට පිලියන්දල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහල යමින් පවතින බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටී .

පිළියන්ල  ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනකු පෙරේදා  (23) දා වාර්තා වූ බවද  පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කර ඇත .

මෙම රෝගීන් ඇරැව්වල,බෝකුන්දර,ගොරකපිටිය,රත්මල්දෙනිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් කිහිපයකින් මෙසේ වාර්තා වී ඇත .

ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව ද වාර්තා වෙ

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දෙනකු ඉකුත් 18 දා වාර්තා වී තිබු අතර ඔවුන්ගේ ආශ්‍රිතයෙන් එකසිය නම දෙනකු ඉලක්ක කරගනිමින් (22) දා සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙ ප්‍රතිඵලය  23 හා 24 දා ලැබී ඇත

ඒ අනුව මෙම ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආශ්‍රිතයින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද පියවර ගෙන ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා