පැතුම් වික්‍රමරත්න
පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සංචරණ සීමා ලිහිල් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කල බවයි .
සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යැවූ බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඉතා අවම ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමෙන් නිදහස් කරන්නැයි තමන් ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ .