පළාත් පාලන මැතිවරණයේදී තරග කරනු ලබන අපේක්ෂක නම් ලැයිස්තුව, තැපැල් ඡන්ද දායකයන් සහ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබාගැනීම සඳහා එම කොමිසම විසින් ඉදිරිපත් කර ඇති QR කේතය මගින් අදාළ තොරතුරු ලබාගත හැකිය.
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 9 වැනි දා පැවැත්වේ.
ඉහත තොරතුරු පහත දැක්වේ.