නවතම පුවත්

පුටින් වීඩියෝ හමුවීම් මගින් රුසියාව පාලනය අරඹයි

අසංක

අසංක

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් ‘දුරස්ථව හිඳිමින්’ රාජකාරි කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු වහාම මොස්කව් නිවස අත්හැර නෝවාගාරියාවා හි ජනපති නිල නිවසේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර කැබිනට් රැස්වීම පවත්වා ඇත්තේ ද එහි සිට වීඩියෝ සාකච්ඡාවක් මගිනි.

ඊට හේතුවී ඇත්තෙ රුසියාවේ ප්‍රධාන කොරෝනා වයිරස් රෝහලේ ප්‍රධානී, වෛද්‍ය ඩෙනිස් ප්‍රොට්සෙන්කෝ පසුගිය සතියේ පුටින් හමුවීමෙන් පසුව වෛද්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි තහවුරු වීමත් සමග ඊයේ ඇතිවූ සැකයක් මතයි.

කොරෝනා වෛරස ආසාදිතයින්ට්ටට ප්‍රතිකාර කිරීමට වෙන්කරන ලද රුසියාවේ ප්‍රධානතම රෝහල කොමුරන්කා රෝහල වන අතර පුටින් පසුගිය අඟහරුවාදා එහි කටයුතු සොයාබැලීමට නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයා සමඟ අතට අත දී තිබුණි.

පුටින් ආරක්ෂක ඇඳුමක් පැළඳි නමුත් වෛද්‍යවරයා හමුවූ අවස්ථාවේ කිසිදු ආරක්ෂක පියවරක් අනුගමනය කර නිතිබීම සැකයට හේතු වී තිබේ.

කෙසේවෙතත් දැන් පුටින් සියලු රාජකාරි කරනු ලබන්නේ මෙලෙස දුරස්ථව සිටිමිනි.

ඔහු පූර්ණ වෛද්‍ය පරීක්ෂාවට ලක් කර ඇති අතර දැනට කිසිදු රෝග ලක්ෂණයක් නැතත් ආරක්ෂක පියවරක් ලෙස දුරස්ථව සිටීමට පියවර ගෙන ඇතැයි ක්‍රෙම්ලිනය පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි