නවතම පුවත්

පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයකුගේ නිවස අනෙක් අධ්‍යක්ෂවරු කොල්ලකාලා

අසංක

අසංක

වැල්ලවත්තේ පිහිටි පුද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයෙකුගේ නිවසකට කඩාවැදුණු එම රෝහලේම තවත් අධ්‍යක්ෂකවරු තිදෙනෙක් රුපියල් කෝටියකට අධික මුදලක් සහ රන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් කොල්ලකා ඇතැයි වැල්ලවත්ත පොලීසිය කියයි.

අදාල පුද්ගලික රෝහල් ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේ කොල්ලකෑමට ලක්වූ අධ්‍යක්ෂවරයාගේ නිවස පිහිටා ඇති බව කියයි.

එම නිවසේ සේප්පුවක තිබුණු මෙම මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ අධ්‍යක්ෂවරු තිදෙනා කොල්කෑමට ලක්වූ අධ්‍යක්ෂවරයාගේ සහෝදරයින් බව පොලීසිය කියයි.

සහෝදරියින් අතර හටගෙන ඇති දේපොල සම්බන්ධයෙන් වූ ආරවුලක් මත මෙම කොල්ලය සිදුව ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන අධ්‍යක්ෂවරු තිදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්