පුනානිවලින් පැන්න කොවිඩ් රෝගියා පැල්පිටියෙන් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ දින (19) පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා ඇහැළියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පැනගිය රෝගියා 43 හැවැරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු නිරෝධායන ක්‍රමවේද යටතේ නැවත ප්‍රතිකාර සඳහා පිටත් කර යවා තිබේ.

එම රෝගියා වාලච්චේනිය සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරය සම්බන්ධව විමර්ශනය සිදු කෙරෙන බවත් ඔහුට විරුද්ධව නිරෝධායන නීතීන් යටතේ පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.